අප ගැන


අප දෙවිදුන්ගේ සේනාව නමින් පවත්වාගෙන youtube මාධ්‍යයෙන් මනුෂ්‍යයන් හට යේසුස්වහන්සේගේ සුභ ආරංචිය ප්‍රකාශ කිරීම අපගේ අභිප්‍රායයි. දේව වචනය, දේව මෙහෙයන්, ඔබ නොදත් සත්‍යය තොරතුරු, ගීතිකා සහ තවත් බොහෝ දේ අපි මෙහි පළකරමු. මින් ඔබට විදහා දක්වන්නේ දෙවියන් වහන්සේගේ මහත් කරුණාවත් උන්වහන්සේ ඔබට ඇති අසීමිත ප්‍රේමයත්ය. ඔබට ලෝකයේ ඇති පාපයෙන් ගැලවී දෙවියන් වහන්සේ වෙතට ලංවීමට මෙය මහත් රුකුලක් වනු ඇත.


"නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය." (රෝම 5 : 8) දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයාණන් වන යේසුස් වහන්සේව මෙළොවට එවූ සේක. යේසුස් වහන්සේ සම්පුර්ණ මනුෂ්‍යයෙක් ලෙස සම්පුර්ණ දෙවියන් වහන්සේ ලෙස මනුකයක් රැගෙන ආ සේක. උන් වහන්සේ සම්පුර්ණ ජිවිතයක් ගත කළ සේක එනම් කිසිදු පාපයක් කළේ නැත. දෙවියන් වහන්සේගේ මුළු ව්‍යවස්ථාව සම්පුර්ණ කළ සේක. නුමුත් උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයාගේ ස්ථානය ගෙන කුරුසියේ මියැදුණු සේක. පව් කාරවූ මනුෂ්‍යයා කෙරෙහි දෙවියන් වහන්සේට තිබුණු සියළු කෝපය හා ඔවුන්ගේ දඩුවම උන්වහන්සේ කරමතට ගත් සේක පව්කාරවූ මනුෂ්‍යයාගේ සියළු වරද ඔවුන් කෙරෙන් මකා දැමු සේක. මනුෂ්‍යයාගේ සියළුම පාපය කමා කළ සේක. යේසුස් වහන්සේ තුන් වෙනිදා මරණයෙන් නැගිටුණු සේක. මරණය පාතාලය සහ යක්ෂයාගෙන් උන්වහන්සේ ජයගත් සේක. උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට සදාකාල ජීවනය ඇත. උන්වහන්සේගේ සෙනග රැගෙන යන පිණිස උන්වහන්සේ තේජාන්විතව නැවත පොළොවට වඩින සේක. මෙයට වඩා යහපත්වූ ආරංචියක් තවත් නැත.

No comments