මුස්ලිම්වරයෙකු සමඟ ශුභාරංචිය බෙදා ගන්නේ කෙසේද?

                                           


























මුස්ලිම්වරයෙකු සමඟ ශුභාරංචිය බෙදා ගන්නේ කෙසේද?



මුස්ලිම්වරුන් අයත් වන්නේ ඉස්ලාම් නම් ආගමට ය. මුස්ලිම් විශ්වාසයන් පදනම් වී ඇත්තේ ක්‍රි.ව  610 දී ගාබ්‍රියෙල් දේවදූතයා විසින් මොහොමඩ් නබිතුමාහට  ප්‍රකාශ කරන ලද කුරානය නම් ග්‍රන්ථය මුලික කරගෙනය. ඉස්ලාම් යනු ලොව දෙවන විශාලතම ආගම වන අතර එහි බිලියනයකට වැඩි අනුගාමිකයින් සිටින බව තහවුරුගරගෙන ඇත. මුස්ලිම්වරු සෑම සිකුරාදා දිනකම දෙවියන්ට යාච්ඤා කිරීම සඳහා මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයකට යති. මුස්ලිම් පල්ලියේදී, මොහොමඩ් නබිතුමාහට ගාබ්‍රියෙල් දර්ශනය වූ ඉස්ලාමයේ උපන් ස්ථානය වන මක්කා නගරයේ නැගෙනහිර දෙසට මුහුණලා යාච්ඤා කරති.


අපට ඔවුන්ගෙන් ඇසිය හැකි ප්‍රශ්න.

1. ඔබේ ආගමේ කොටසක් වීම මොන වගේද? මා අසා ඇති සම්ප්‍රදායන් ඉතා සිත්ගන්නා සුළුය!

2. ඔබ කවදා හෝ මක්කම වෙත ගොස් තිබේද නැතහොත් ඔබ යාමට අදහස් කරන්නේද?

3. ඉස්ලාම් ආගමේ වඩාත් හොඳින් අවබෝධ කරගත යුත්තේ කුමන කොටස්ද?

4. මරණයෙන් පසු අපට කුමක් වෙයි කියාද ඔබ සිතන්නේ?

5. ස්වර්ගයට ඇතුළුවීම ඉස්ලාමයේ කුළුණු පහට අනුව ජීවත්වීම මත රඳා පවතින බව ඔබ විශ්වාස කරනවාද?

6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ  ගැන ඔබ විශ්වාස කරන්නේ කුමක්ද?

7. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කතා කළ "සත්‍යය" සහ දෙවියන්වහන්සේ සමග ඇති ඇති "සම්බන්ධතාවය" අතර වෙනසක් ඇතැයි ඔබ සිතනවාද? 

8. යේසුස්වහන්සේ  ඇත්තටම දෙවියන්වහසේගේ පුත්‍රයා විය හැකි බවට ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද?

9. ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වුනොත් ඔබේ මුස්ලිම් මිතුරන් සහ පවුලේ අය ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? එය ඔබට හැඟෙන්නේ කෙසේද?

10. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කිරීම සහ දෙවියන්වහන්සේ වෙතට යන මාර්ගය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

11. යමෙක් ඔබට ශුභාරංචිය පැහැදිලි කර තිබේද?



අපට ඔවුන්ගේ  අගය කළ හැකි දෑ මොනවද ?

1. එක සැබෑ දෙවි කෙනෙක් ගැන ඔවුන්ගේ විශ්වාසය.

2. යාච්ඤාවට ඔවුන්ගේ ඇති කැපවීම.

3. දෙවියන්වහන්සේ සතුටු වන භක්තිමත් ජීවිතයක් ගත කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම.

4. ස්වර්ගය සහ අපාය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය.



මුස්ලිම්වරයෙකු විශ්වාස කරන දේ

ඉස්ලාමය ගැන: මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ඉස්ලාම් එකම සැබෑ ආගම වන අතර, ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ඇදහිල්ල සඳහා දැඩි ලෙස කැපවී සිටිති. 

ඉස්ලාමයේ හරය නම්මු, මුස්ලිම්වරයෙකු තම ආගමේ කොටසක් ලෙස පිළිගත යුතු මූලික විශ්වාසයන් හතකි. 

මෙම විශ්වාසයන් වන්නේ:

1. දෙවියන් කෙරෙහි විශ්වාසය (අරාබි භාෂාවෙන් 'අල්ලාහ්' ලෙස නම් කර ඇත).

2. දේවදූතයන් කෙරෙහි විශ්වාසය.

3. ශුද්ධ ලියවිලි කෙරෙහි විශ්වාසය.

4. අනාගතවතෘන් කෙරෙහි විශ්වාසය.

5. විනිශ්චය දවස ගැන විශ්වාසය.

6. දිව්ය ආඥාව කෙරෙහි විශ්වාසය.

7. මරණයෙන් පසු ජීවිතය පිළිබඳ විශ්වාසය.


හින්දු ආගමේ මෙන්, මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයන් ඔවුන්ගේ කාලය ගත කරන ආකාරය, ඔවුන් කන දේ සහ ඔවුන් තෝරා ගන්නා මිතුරන් වර්ග ඇතුළුව ඔවුන්ගේ ජීවිතයේ සෑම කොටසකටම බලපායි. 


දෙවියන්වහන්සේ ගැන:

 බයිබලයේ යහවේ ලෙස එළිදරව් කර ඇති විශ්වයේ දෙවියන්වහන්සේව මුස්ලිම්වරුන් විශ්වාස නොකරයි. ඒ වෙනුවට ඔවුන්ගේ දෙවියන්ව හඳුන්වන්නේ ‘අල්ලාහ්’ යනුවෙනි.  


ත්‍රිත්වය ගැන:

මුස්ලිම්වරුන් ත්‍රිත්වය පිළිබඳ බයිබල් ඉගැන්වීම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරති. ඔවුන් විශ්වාස කරන්නේ එකම සැබෑ දෙවි කෙනෙකු පමණක් වන අතර ඔහුගේ නම අල්ලාහ්ය. 


යේසුස්වහන්සේ ගැන:

මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ යේසුස්වහන්සේ  අල්ලාහ්ගේ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් බවයි. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ ය යන මතය ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරයි. මානව මට්ටමින් වුවද, මොහොමඩ් නබිතුමා ජේසුස්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ මිනිසෙකු සහ අනාගතවක්තෘවරයෙකු බව ඔවුහු විශ්වාස කරති. 


බයිබලය ගැන: 

මුස්ලිම්වරුන් කුරානය පමණක් සැබෑ සහ සම්පූර්ණයෙන්ම දිව්‍යමය සම්භවයක් ලෙස පෙන්වාදෙන්නේය. ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය ලෙස බයිබලයේ කොටසක් පමණක් සදහන් කරයි, නමුත් බයිබලයේ එම කොටස පවා නරක ලෙස දූෂිත හා සාවද්‍ය බව විශ්වාස කරයි. 


මරණින් මතු ජීවිතය ගැන: 

මුස්ලිම්වරුන් විශ්වාස කරනුයේ මරණයෙන් පසු ජීවිතයක් ඇති බවත්, විශ්වාසවන්ත මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ විශ්වාසවන්තභාවය අනුව විපාක ලැබෙන බවත්, නොඇදහිලිවන්තයන් (නොඇදහිලිවන්තයන් ලෙස හඳුන්වනු ලබන) සදාකාලික දුක් විඳින බවත්ය. 


ගැලවීම ගැන: 

මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ ගැලවීම (පසු ජීවිතයේ විපාකය යන්නෙන් අදහස් කරන්නේ) අල්ලාහ්, කුරානය සහ ඉස්ලාමයේ කුළුණු පහට නිරපේක්ෂ කීකරු වීමෙන් පමණක් බවයි.


ඉස්ලාම් ආගමේ කුළුණු පහ නම්:

1. තහවුරු කිරීම (Shahada) - "අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත, මොහොමඩ් ඔහුගේ දූතයා" යන ඇදහීම අඛණ්ඩව පාරායනය කිරීම සහ විශ්වාස කිරීම.

2. යාච්ඤාව (අස්-සලාහ්) - දිනකට පස් වතාවක් මක්කම (ඔවුන්ගේ ශුද්ධ නගරය) දෙසට හැරී යාච්ඤා කිරීම.

3. දානය (සකාහ්): තම ආදායමෙන් 2.5%ක් දුප්පතුන්ට ලබා දීම.

4. උපවාසය (සියම්) - රාමසාන් (ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය) තුළ සෑම දිනකම අලුයම සිට සවස දක්වා නිරාහාරව සිටීම.

5. වන්දනා (අල්-හජ්ජි) - ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් මක්කම වෙත ගමන් කිරීම.



බයිබලයේ උගන්වන දේ


දෙවියන් වහන්සේ ගැන: 

දෙවියන්වහන්සේ තමන්ව "මම වෙමි" (නික්මයාම 20:2) ලෙස හදුන්වා දී  ඇත, එනම් උන්වහන්සේ ස්වයං-පවත්නා (ආරම්භයක් හෝ අවසානයක් නොතිබූ) විශ්වයේ සදාකාලික මැවුම්කරුවානන්ය. අල්ලාහ් නොපවතින නිසා උන්වහන්සේව අල්ලාහ්ට සමාන කිරීමට නොපුළුවන.

 
ත්‍රිත්වය ගැන: 

එකම දෙවියන්වහන්සේ තුන් ආකාරයකින් වැඩසිටින අතර පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධ ආත්මයාණන් වහන්සේ ලෙස හදුනවා දී ඇත.  (යෙසායා 45:5; ද්විතීය කථාව 6:4; යාකොබ් 2:19). 


යේසුස් වහන්සේ ගැන: 

යේසුස්වහන්සේ සම්පූර්ණ දෙවියන්වහන්සේම මිස අල්ලාහ්ගේ අනාගතවක්තෘවරයෙක් නොවේ. යේසුස්වහන්සේ යනු දෙවියන්වහන්සේය (යොහන් 1:1, 14, 18; 8:58; 10:30. තීතස් 2:13 සහ යෙසායා 45:21),  පියාණන්වහන්සේ, පුත්රයනන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ යනු එකම දෙවියන්වහන්සේය.



බයිබලය ගැන: 

බයිබලය පමණක් දෙවියන් වහන්සේගේ වචනයයි. එය දෝෂයකින් තොරව ය. එය (2 තිමෝති 3:16-4:4; එළිදරව් 22:18-20) ට එකතු කිරීම හෝ අඩු කිරීම කළ නොහැක. කුරානය පූජනීය නොවන්නේ එය දෙවියන්වහන්සේගෙන් නොවන දෙයක් බැවිනි. මරණින් මතු ජීවිතය ගැන: ගැලවීමේ එකම බලාපොරොත්තුව ලෙස ක්‍රිස්තුස් වහන්සේව පමණක් විශ්වාස කරන අය සදාකාලිකව ස්වර්ගයේ ගත කරනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන අය සදාකාලික නිරයේ ගත කරනු ඇත (යොහන් 5:24-30; එළිදරව් 20:11-15). 


ගැලවීම ගැන: 

ගැලවීම යනු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ මරණයේ පදනම මත ඇදහිල්ලෙනි. යහපත් ක්‍රියා හෝ ස්වයං-ප්‍රතික්ෂේප කිරීම ගැලවීම ලැබීමට කිසිම සම්බන්ධයක් නැත (යොහන් 3:16-17, 36; 6:29, 47; රෝම 4:1-5; ගලාති 2:16; එපීස 2:8-9; තීතස් 3 :5). අල්ලාහ්ට කීකරු වීම ඔබේ මරණින් මතු ජීවිතයේ ඉරණම සමඟ කිසිදු සම්බන්ධයක් නැත.


මතක තබා ගත යුතු දේවල්

හින්දු භක්තිකයන් මෙන්, මුස්ලිම්වරුන් ද ලෝකය දෙස බලන ආකාරය රැඩිකල් ලෙස වෙනස් ආකාරයකින් පැමිණේ, එබැවින් ඔබේ මුල් සාක්ෂි කතාකිරීමේදී  උත්සාහයන් සමන්විත විය යුත්තේ ප්‍රධාන වශයෙන් සවන් දීම සහ ඔවුන් පැමිණෙන්නේ කොතැනින්ද යන්න පිළිබඳ හැඟීමක් ලබා ගැනීමයි. ඒ නිසා මුලින්ම ඔවුන්ට  හොද මිතුරෙකු වන්න. මුස්ලිම් සංස්කෘතිය මිත්‍රත්වයට ඉහළ වටිනාකමක් ලබා දෙන නමුත් බොහෝ මුස්ලිම්වරුන්ට කිතුනුවකු සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කර ගැනීමට අවස්ථාව ලැබී නොමැත. ඔවුන් අගය කරන ආකාරයෙන් මිත්‍රත්වයක් වර්ධනය කර ගැනීමට එක් ක්‍රමයක් නම් ඔවුන්ට ඔබේ නිවසට ආරාධනා කිරීමයි. ඔවුන් ආගන්තුක සත්කාරයට ඉහළ වටිනාකමක් ලබා දෙයි - ඔබ මුස්ලිම් මිතුරෙකුගේ නිවසකට ගියහොත්, කොපමණ කෙටි සංචාරයක් වුවද, ඔබට බීමට යමක් ලබා නොදී පිටව යන්නේ නැත. ඔවුන්ට එම සැලකිල්ල සහ ආගන්තුක සත්කාරය පෙන්වන්න සහ සහතික වන්න සහ ඔවුන්ගේ ආහාර සීමාවන් ගැන කලින් විමසන්න.

මුස්ලිම්වරයෙකුගේ ආගම ඔවුන්ගේ පවුල සහ සංස්කෘතිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත, එබැවින් ඔවුන් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන්ගේ පවුල සහ සංස්කෘතිය ඔවුන්ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ඇති බවට සංවේදී වන්න. මෙයින් අදහස් කරන්නේ ඔබේ මුස්ලිම් මිතුරා ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීමේ සියලු ප්‍රතිවිපාක හොඳින් කිරා මැන බැලිය යුතු බවයි, එබැවින් ඔවුන්ට කාලය ලබා දීමට වග බලා ගන්න.
ක්‍රිස්තුස්වහන්සේ සහ බයිබලය වැනි ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම හමුවන පොදු තේමාවන්ට ඇලී සිටින්න. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශයන්, උන්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම සහ බයිබලය දෙවියන්වහන්සේගේ ආනුභාව ලත් වචනය වීම වැනි ඒවා පිළිබඳ සත්‍යය ඔබේ මිතුරාට හඳුන්වා දීමට එම තේමා භාවිතා කරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම පදනම් කරගෙන කොන්දේසි විරහිතව ප්‍රේම කරන සහ සමාව දෙන විශ්වයේ පුද්ගලික සහ එකම  දෙවියන්වහන්සේ වන  (යහවේ නම්වූ දෙවියන්වහන්සේ ) සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගත හැකි ආකාරය පෙන්වීමට මාර්ගයක් ලෙස ඔබේම සාක්ෂිය භාවිතා කරන්න.

No comments