දෙවි කෙනෙක් නැත



 Osho Rajneesh නම් ඉන්දියානු දාර්ශනිකයා විසින් දෙවිකෙනෙක් නැතයන්න ප්‍රකශය මූලික කරගනිමින් එයට පිළිතුරු වශයෙන් මෙම සටහන ඉදිරිපත් කරන ලදී.


1. දෙවි කෙනෙක් නැත                                                                                      

2. මිනිසා විසින් නිර්මාණය කල ලොකුම බොරුව දෙවියන්ය. 

3. මිනිසාගේ කුඩා අවදිය සුන්දරය දෙමව්පියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේ

4. මානසික ළමා කාලය සියළුම ආගම වලට ප්‍රක්ෂේපනය වේ, දෙවියන් වහන්සේ පියා බවට පත්වේ.

5. මිනිසා කරදරයක සිටින විට කාගෙන් හෝ උදව් ඉල්ලීමට පෙලෙබෙනු ඇත. 

6. කිසි කෙනෙකුගෙන් උදව් එන්නේ නැත. යේසුස් වහන්සේ පවා කුරුසියේ සිටින විට උදව් පැමිණෙන තෙක් බලා සිටියේය.  යේසුස් වහන්සේ අවසානයේදී කලකිරී කෑ ගැසුවා පියාණනි ඔබ මාව අත් හැරියාද.  

7. මනුෂ්‍යයන් වන අපට මායාවක් නැති අතර මනුෂ්‍යයන් කලකිරීමට පත්විය නොහැක.


හැදින්වීම

අතීතයේ සිට වර්තමානය දක්වා මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ පිලිබදව විවිධ මති මතාන්තර දරණ ලදී. අප වෙසෙන පොළොවෙහි ජිවත් වන මුළු මිනිස් වර්ගයාගේ ගණනය බිලියන 7.3ක අගයක් ගන්නා ලදී. එම ජනග්‍රහණයෙන් තුනෙන් එකක් (31%) ක අගයක් ගන්නා අතර එය 2015 දී ලොව විශාලතම කණ්ඩායම කිතුනුවන් විය. (සැබෑ වූ එකම දෙවියන් වහන්සේගේ අනුගාමිකයින්). බිලියන 1.8 ක ජනතාවක් වන  ගෝලීය ජනග්‍රහණයෙන් 24% ක් සිටින්නේ මුස්ලිම් වරුන්ය, ආගමික හෝ දෙවි කෙනෙක් නොමැති බව  කියන මනුෂයයෙගේ ප්‍රතිශතය (16%) ක අගයක් ගනී. හින්දු (15%)ක්  සහ බෞද්ධයන් (7%)ක අගයක් ගන්නා බව පෙන්වා දීමට පුළුවන. එබැවින් මෙයින් පැහැදිලිවනුයේ ලෝකයේ මුළු ගෝලීය ජනග්‍රහණයෙන් වැඩි ප්‍රතිශතයක් දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කරණ බව සහ (16%)ක වැනි කුඩා ප්‍රතිශතයක් දෙවි කෙනෙක් නැති බව ප්‍රකාශ කරන බවය. එයිනුත් (31%)ක වැඩි ප්‍රතිශතයක් ක්‍රිස්තියානි වීම සුවිශ්ෂි බව පෙන්වා දීමට පුළුවන. එහෙත් ක්‍රිස්තියානියන අය අතරද දෙවියන් වහන්සේ පිලිබදව සත්‍යය තාවය නිවැරිදිව වටහා ගත් අය කුඩා පිරිසකට සිමාවන අතර එය එසේ වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්වීමට පුළුවන් වන්නේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ පිලිබදව දකින දෘෂ්ඨින් එකිනෙකට වෙනස් ස්වභාවයක් ගන්නා නිසාවෙනි. මනුෂ්‍යයා දකින දෘෂ්ඨින් වෙනස් වෙනස්වීමෙන් සිදුවී ඇත්තේ දෙවියන් වහන්සේගේ සත්‍යය තාවය ඔවුන්ට අවබෝධ කර ගැනීමට නොහැකිව ඔවුන් තුලින් දෙවියන් වහන්සේ ගිලිහී යාමය. එම මනුෂ්‍යන් දකින දෘෂ්ඨි කෝණයන් මෙසේ විහිදී ඇත, කොට්ඨාශයක් දෙවි කෙනෙක් නැති බවත්, පවතින ලෝකය දෙවියන් වහන්සේ බවත්, දෙවියන් වහන්සේ යනු දෙදෙනෙක් බව සහ දෙවිවරු විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ගේ දැක්ම අනුව ප්‍රකාශ කරති. තව කොට්ඨාශයක් ලෝකයේ පවතින අප්‍රාණික දේ සහ ප්‍රාණවත් දේ දෙවියන් කොටද සලකති, උදාහරණයක් ලෙස ගස් ගල් වලට සහ සත්වයන්ටද පොළොවේ සිටින මනුෂ්‍යයන්ද දෙවියන් කොට සලකති. තවද එම වැරදි අවබෝදය නිසාවෙන් ඔවුන්ගේ දැක්ම අන් අයටද ප්‍රකාශ කර ඔවුන්වද තමන්ගේ පාර්ශවයට නැබුරු කරගන්නේය. එයට දැන උගත් බේධයක් අදාල නොවන අතර එයට හේතු වී ඇත්තේ තමන් දකින කෝණය සහ එයට තමන් විසින්ම නිවරිදියයි කිවීමට විවිද තර්ක තමන් විසින්ම ගොඩනගා ගැනීමය. සැබෑ වූ එකම දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ සත්‍යය තාවය හෙළිදරව් කර අවසානය. එය දේව වචනය නොහොත් ශුද්ධවූ බයිබයල ලෙස පෙන්වා දීමට පුළුවන. ශුද්ධ ලියවිල්ල (2 තිමෝති 3:16-17) පවසන ආකාරයට, “ශුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලබා දී ඇති අතර, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ වන පිණිස උන්වහන්සේගේ ධර්මයටගෙන ඒම, මනුෂ්‍යයාව නිවැරදි කිරීමට, ධර්මිෂ්ඨකම පලදාගැනීම පිළිබඳ උපදෙස් සඳහා දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයන් වන අපට දෙනු ලබන උන්වහන්සේගේ වචනය ලෙස පෙන්වා දීමට පුළුවන. මනුෂ්‍යයාගේ සෑම යහපත් කාර්යයක් සඳහාම හොඳින් සන්නද්ධ වේ.දෙවියන්වහන්සේ පිළිබඳව සමාජයේ වෙසෙන මනුෂ්‍යයන් දක්වන විවිධ වූ ආකල්ප වෙතට අප අවධානය යොමු කරමින් ඒ එකිනෙක කරුණු දේව වචනය හා කෙතරම් දුරට ගැලපෙනවාද යන්න විමසා බලමු.


1. දෙවි කෙනෙක් නැත
දේව අනුභාවයෙන් අපට දෙන ලද ශු. ලියවිල්ලේ දෙවියන් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ පැවැත්ම පිලිබදව පැහැදිලි ලෙස දක්වා ඇත. දේව වචනය අද්‍යනය තුලින් උන්වහන්සේගේ ස්වභාවය දැනගැනීමට පුළුවන. “දෙවියන් වහන්සේ නැත” යන  ප්‍රකාශයේ තේරුම කුමක්ද? (ගීතාවලිය 10) සදහන් ආකාරයට "දුෂ්ටයන් දුප්පතුන් ලුහුබැඳ යයි" සහ "ලාභ ලැබීමට කෑදර මිනිසා ශාප කර ස්වාමින් වහන්සේව අත්හරියි". (ගීතාවලිය 10:4) සදහන් ආකාරයට දුෂ්ඨයාගේ සිතවිල්ල දෙවිකෙනෙක් නැත යන්නයි. මිනිසා විශ්වාස කරන්නේ තමා කිසි විටෙකත් විපත්තිවලට මුහුණ නොදෙන බවත්, නමුත් සොරකම් සහ මිනීමැරුම් වලින් මිදෙනු ඇති බවත්ය. එය (ගීතාවලිය 10:6,7,8) පදයන්හි පැහැදිලිව සදහන් කර ඇත. ගීතාවලිය 14 සහ 53 ට අනුව දෙවියන් වහන්සේ නැතැයි පවසන මිනිසා දූෂිතය, බොරුකාරයෙකි, කිසිවිටක යහපත නොකරයි. කිසිම මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨ නොවන බවත් කිසිවෙක් දෙවියන් වහන්සේව සොයන්නේ නැති බවත් දෙවියන් වහන්සේගේ අදහස ඉදිරිපත් කිරීමට ප්‍රේරිත පාවුල් තුමා  මෙම ගීතාවලියේ කොටස්  (රෝම 3:10-12) උපුටා දක්වා ඇත.


2. මිනිසා විසින් නිර්මාණය කල ලොකුම බොරුව දෙවියන්ය.

සැබෑ වූ ජීවමාන එකම දෙවියන්වහන්සේ පිළිබඳව වත්මන් සමාජයේ වෙසෙන මනුෂ්‍යයන් විසින් බොහෝ ආකාරයෙන් විග්‍රහ කොට දක්වයි. නුමුත් එම විග්‍රහයන් දේව වචනයේ සත්‍යතාවය සමඟ කෙතරම් දුරට ගැලපිය හැකිද යන්න අප සිතිය යුතු වේ. මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ පිළිබඳව එළිදරව් කොට ඇත්තේ දේව වචනය තුලිනි. දේව වචනය නැතහොත් බයිබලය යනු දෙවියන්වහන්සේගේ හුස්ම හෙලීම හෙවත් දේවානුභාවයෙන් ලියන ලද ලියවිල්ල වේ. එබැවින් එම වචනය කිසිදා වෙනස් නොවන්නාවූ සත්‍යතාවය වේ. (උත්පත්ති පොතෙහි 1) සිට අද්‍යනය කරන විට පළමුවෙන් දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මවා එහි ඇති සියල්ල මවා හයවෙනි දවසේ මනුෂ්‍යයාව මවන ලද්දේය. එය (උත්පත්ති 1:26) වන පරිච්චේදයේ සදහන් කර ඇත. මනුෂ්‍යයාගේ පටන් ගැන්ම ආරම්භ වුයේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙනය. (උත්පත්ති 1:28) පරිච්චේදයේ තවත් සුවිශේෂී කාරණාවක් සදහන් කර ඇත. එනම් දෙවියන් වහන්සේ පවසන ආකාරයට මුහුදේ මත්සයින්, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, තිරසනුන් කෙරෙහිද, මුළු පොළොව කෙරෙහිද අධිපතිකම් කෙරෙත්වායි සදහන් කර ඇත. එයින් අවබෝධ කර ගත හැකි කාරනාවනම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට අන් සියළු මැවිල්ලට වඩා උසස් වූ බුද්ධියක් දුන් බවය. එය දෙවියන් වහන්සේ විසින්  මනුෂ්‍යයාට දුන් ආශීර්වාදයක් ලෙස දැක්වීමටද පුළුවන. වර්තමානයේ දක්නට ලැබෙන දියුනුවද එයට හොදම නිදසුන ලෙස පෙන්වා දීමට පුළුවන. දෙවියන් වහන්සේගේ අනුක්ග්‍රහය සම්පුර්ණයෙන් මනුෂ්‍යයාට ලැබුනේය. මෙම කරනා දෙස බලන කළ මනුෂ්‍යයාගේ පටන්ගැන්ම අරම්බවුයේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙනය. එහෙත් මනුෂ්‍යය වර්ගයාගේ ආරම්බයේ සිට අද වන තෙක් දෙවි කෙනෙක් නැත යන්න ප්‍රකාශ කරණ මනුෂ්‍යය කොට්ඨාශයක් තවමත් මෙම පොලවේ වෙසෙති. එම ප්‍රකාශයට කිසිම අනන්‍යය තාවයක් නැති අතර එය ඔවුන්ගේ එකිනෙකට වෙනස් දෘෂ්ඨින් බව පැහැදිලි කිරීමට පුළුවන. එහෙත් දෙවිකෙනෙක් ඇත යන්න සාදාරණ හේතු බොහොමයක් හේතු තිබේ. පළමුවැන්න නම් විද්‍යාව විසින් සොයාගෙන ඇති කිසිවක් විශ්වයේ පැවැත්ම පැහැදිලි නොකරන්නේය. එහෙත් ඒ සියල්ල පිටුපස තාර්කික මනසක් පවතින බව යෝජනා කරන අලංකාරයක් සහ පිළිවෙලක් විශ්වයට ඇත. පරිගණකයක පැවැත්මෙන් එය නිපද වූ කෙනෙකු සිටින බව පෙන්නුම් කරන්නා සේම, අද අප දකින මෙම ලෝකය ඉතා අලංකාර සංකීර්ණත්වයකින් යුක්තව තිබෙන සියල්ල මැවුම්කරුවෙකු වන දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන්නේය. දෙවන හේතුව නම් මිනිසාගේ හදවත තුළ ප්‍රේමය කිරීමට හැකියාවක් සහ ආදරය ලැබීමට ආශාවක් තිබීමයි. කිතුනුවන් එය මනාව පෙන්වා දෙන අතර එය බොහෝ මිනිසුන් දෙවියන් වහන්සේ ලෙස හඳුන්වන අතර ප්‍රමයේ බලයක් ලෝකයේ ඇති බව පෙන්නුම් කරයි. තවත් හේතුවක් නම් අද ලෝකයේ සෑම ප්‍රදේශයකම සහ ඉතිහාසය පුරාම මනුෂ්‍යයන් සැමවිටම දෙවියන් වහන්සේව විශ්වාස කර නමස්කාර කිරීම පෙන්වා දීමට පුළුවන. යාච්ඤා කිරීමට සහ දෙවියන් වහන්සේ සමඟ විශ්වාස කිරීමට සහ කතා කිරීමට එම ආශාව පැවතීම දෙවියන් වහන්සේගේ පැවැත්ම සඳහා එක් තර්කයකි. මිනිසුන් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට තවත් බොහෝ හේතු තිබේ. අද ලෝකයේ සිටින මුළු ජනග්‍රහණයෙන් 16% වැනි අඩු ප්‍රතිශතයක් දෙවි කෙනෙක් නැති බව ප්‍රකාශ කරයි. ඉහත කරුණු සලකා බලන විට මනුෂ්‍යයාගේ ආරම්බය සිදුවී ඇත්තේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙනය. එය තවත් ආකාරයකට පෙන්වා දෙන්නේනම් මනුෂ්‍යයා නිර්මාණය කර ඇත්තේ දෙවියන් වහන්සේය. එය එසේ සිදුවුනානම් මනුෂ්‍යයා විසින් නිර්මාණය කළ ලොකුම බොරුව දෙවියන් වහන්සේ කිවීමට දරණ උත්සාහය නිෂ්ඵල ප්‍රකාශයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

 

3.  මිනිසාගේ කුඩා අවදිය සුන්දරය දෙමව්පියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේ 

මිනිසාගේ උපත සිදුවන්නේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙනය. තවද උන් වහන්සේ පොළොවේ මනුෂ්‍යන්ගේ බෝවීම වැඩිකරන ලදී. එබැවින් මනුෂ්‍යයාගේ උපත සිදුවන්නේ ආදම් සහ ඒවා කරුණු කොටගෙනය. (උත්පත්ති 4:1) හි සදහන්වන ආකාරයට පියා සහ මව දාව මනුෂ්‍යයාගේ බෝවීම සිදුවන ලදී. ඒවා ගර්භිනිව කයින් වැදු බවත් එය ස්වාමින් වහන්සේ නොහොත් දෙවියන් වහන්සේ කරුණු කොටගෙන ලැබුණු බවත් සදහන් කර ඇත. එබැවින් දරුවකු උපත සිදුවායින් පසු ඔහුගේ වර්දනය පිණිස දෙමව්පියන්ගේ රැකවරණය ඔහුට ලැබෙන්නේය. එබැවින් ළමයකු හට තම කුඩා කාලයේදී  ආරක්ෂාව, රැකවරණ යන දේ නිරන්තරයෙන් මව් පියන් කරුණු කොටගෙන ලැබෙන්නේය. මනුෂ්‍යයාගේ පියාණන් වන දෙවියන් වහන්සේද තමන්ගේ මනුෂ්‍යයන් හට රැකවරණයද , ආරක්ෂාවද නිරන්තරයෙන් සපයන්නේය. මේ සියල්ල කැටිකොට බලන කල දෙවියන් වහන්සේගේ සැලැස්ම අපට මනාව අවබෝධ වන්නේය.


4.   මානසික ළමා කාලය සියළුම ආගම් වලට ප්‍රක්ෂේපනය වේ. දෙවියන් වහන්සේ පියා බවට පත්වේ.

ලෝකයේ ආගම් බොහොමයක් ඇත. එහි නිරමතෘකාරිත්වය දරන්නේ මනුෂ්‍යයා විසිනි. එය මනුෂ්‍යය දකින දෘෂ්ඨින්ගේ වෙනස් වීම හේතු කොටගෙන ආගම බොහොමයක් ලෝකයේ බිහිවී ඇත. එහෙත් ඉහත කරුණු දැක්වූ ආකාරයට මනුෂ්‍යයාගේ ආරම්බය දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ යනු ආගමක් නොව. උන්වහන්සේ මෙම පොලොව මවා පාලනය කරන තැනන් වහන්සේය. උන්වහන්සේට සියල්ල යටත්ය. මාර්ගයද, සත්‍යයද උන්වහන්සේ පමණක් බව යේසුස් වහන්සේ පවසා ඇත. මනුෂ්‍යයාට තම කැමැත්ත කිරීමට සම්පුර්ණ නිදහස දෙවියන් වහන්සේ විසින් ලබා දෙන ලදී. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව මවා ඔහුට සඵලත්වය, බුද්ධිය සහ තවත් බොහෝ දේ දුන්නේය. උන්වහන්සේ නැතිව අපට කිසිවක් ලැබුනේ නැත. දරුවෙකුට තම දෙමව් පියන් සියල්ල කරන්නාක් මෙන් උන්වහන්සේ අපට සියල්ල කරන ලද්දේය. උන්වහසේ මනුෂ්‍යයාට අද්‍යාපනය දුන්නේය, ගුරුහරුකම් සහ උපදෙස් තුල ගමන් කිරීමට කියදුන්නේය. උන්වහන්සේ ඒ සියල්ල කරනුයේ  මනුෂ්‍යයාට දක්වන ප්‍රේමය නිසාය. එබැවින් වැඩිහිට්යන් වන අපද අපගේ දරුවන් නිසි මාර්ගයේ පුරුදු පහුණු කල යුතු බව දේව වචනයේ සදහන් කර ඇත. (හිතොපදේය 22:6, යෙසායා 54:13) සහ තවත් බොහොමයක් පද දේව වචනය තුලින් දැක ගැනීමට හැකිවනු ඇත. 


5. මිනිසා කරදරයක සිටින විට කාගෙන් හෝ උදව් ඉල්ලීමට පෙලෙබෙනු ඇත

 මනුෂ්‍යයන් වන අප සැපයීම බලාපොරොත්තු විය යුත්තේ දෙවියන් වහන්සේගෙන්ය. මනුෂ්‍යයාට යා හැකි සිමාවන් ඇත මක්නිසාද අප සිටින්නේ දෙවියන් වහන්සේගේ යටතේය.  දෙවියන් වහන්සේට සියල්ල කළ හැක. දෙවියන් වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේ සමග නිතරම සම්බන්ධතාවය පවත්වන මනුෂ්‍යයා කරදයක් වූ විට පළමුව උන්වහන්සේට යාච්ඤා කරයි. තවද මනුෂ්‍යයන් වන අප අවබෝධ කරගත යුතු තවත් එක් කරුණක්නම් දෙවියන් වහන්සේ ත්‍රිත්ව ස්වභාවයක් ගන්නා අතර දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුධ්ධත්මයානන් වහන්සේ යනුවෙනි. දෙවියන් වහන්සේගේ ත්‍රිත්ව ස්වභාවය ගැන බයිබලයේ යම් අනාවැකි පවසා ඇත. තවද පුත්‍රයාණන් වහන්සේ මනුෂ්‍යයන් වන අප උදෙසා දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශවයේ සිට මැදහත් කාරකම් කරණ අතර ශුධත්මයනන් වහන්සේ  ගැන සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් ගැන අවබෝධ කර ගැනීම වඩාත් වැදගත්ය. එමගින් මෙම ප්‍රකාශයට සධාරණ පිළිතුරක් ලැබෙන්නේය. ශුද්ධාත්මයාණන් අප වෙනුවෙන් කරන්නේ කුමක්ද? මනුෂ්‍යය ජිවිතයට සදාකාලික වටිනාකමක් ඇති ඕනෑම දෙයක් පැමිණෙන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිත තුළ ශුධත්මයාණන් වහන්සේගේ ක්‍රියා තුළිනි. අපට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය නම් සහ එසේ කිරීමට අපට උපකාර අවශ්‍ය බව දැකීමට අවශ්‍ය නම්, දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ ශුද්ධාත්මය ලබාදේ. අපට අවශ්‍ය වන්නේ එය ඉල්ලා සිටීම සහ කීකරු වීමයි. (ලූක් 11:9-13; ක්‍රියා 5:32.) අප ගෝලයන් බවට පත් වී ශුද්ධාත්මයාණන් ලබා ගත් පසු, අපව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට පරිවර්තනය කිරීම සඳහා ශුධත්මයාණන් වහන්සේ අප තුළ වැඩකටයුතු ආරම්භ කරයි. (රෝම 8:29.) ගෝලයන් ආත්මයේ දේවල් කෙරෙහි ඔවුන්ගේ මනස යොමු කරන අතර, ඔවුන් ජීවිතයට හා සාමයට ගෙන යනු ඇත. එබැවින් මනුෂ්‍යයා සිටින ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍යය වන්නේ කුමක්ද යන්න මෙයින් පැහැදිලි වනු ඇත. එහෙත් දෙවියන් වහන්සේගෙන් නොවන මනුෂ්‍යයා හට එම අවස්ථාව ගිලිහි යනු ඇත.  


6. කිසි කෙනෙකුගෙන් උදව් එන්නේ නැත.

අපගේ මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ තමන්ගේ මනුෂ්‍යයන් දෙස නිතරම සොයා බලන්නේය. ආරම්බයේ සිට අද වන තෙක් උන්වහන්සේ තමන්ගේ සෙනග උදෙසා මැදහත් කාරකම් කරන සේක. (උත්පත්ති 3:8) පොතෙහි සදහන් කර ඇති ආකාරයට පොළොවේ මුල්ම මනුෂයන් දෙපල ගැනද දෙවියන් වහන්සේ සොයා බැලුවේය. දෙවියන් වහන්සේ ඔවුන් සමග නිතරම හසුරුනුසේක ඔවුන් හට ආරක්ෂාව සහ අනෙකුත් ඕනෑ එපාකම් සොයා බැලුවේය. මනුෂයන් වන අප දෙවියන් වහන්සේට යටත්ය. සියල්ල පැමිණෙන්නේ උන්වහන්සේ කරුණු කොට ගෙනය. එබැවින් මනුෂ්‍යයන් වන අපගේ ශකිතියෙන්වත් අපගේ බලයෙන්වත්  කිසිවක් කළ නොහැක. තවද දෙවියන් වහන්සේ අප තුල බලහත් කාරයෙන් ක්‍රියා කොකරන්නේය. මනුෂ්‍යයාට තම ස්වකිය කැමැත්ත කිරීමට දෙවියන් වහන්සේ ඉඩ හැරියේය.  (ද්විතිය කථාව 33:26) පවසන ආකාරයට අපට උපකාරයට අහස පිටද ස්වකීය මහිමයෙන් එන්නාවූ දෙවියන් වහන්සේට සමාන කෙනෙක් නැත යන්නෙන් පවසා ඇත. එබැවින් උන්වහන්සේගෙන් පමණයි අපට රැකවරණය ලැබෙන්නේ. එය එසේ වීමටනම් උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය ගිලිහි නොයාමට වගබලාගත යුතුය. දෙවියන් වහන්සේ සමග නිතරම සම්බන්ධ තාවය පැවැත්විය යුතුය එවිට දෙවියන් වහන්සේ අපගේ ප්‍රශ්ණ ගැටළු සදහා පිළිතුරු දෙන්නේය.


7. යේසුස් වහන්සේ පවා කුරුසියේ සිටින විට උදව් පැමිණෙන තෙක් බලා සිටියේය, යේසුස් වහන්සේ අවසානයේදී කලකිරී කෑ ගැසුවා පියාණනි ඔබ මාව අත් හැරියාද?

(මාර්ක් 15:36 සහ ශු.මතෙව් 27:46) පද දෙකෙහිම මෙම අවස්ථාව ගැන සදහන් කර ඇත. යේසුස් වහන්සේ කුරුසිය මත පුජා වීමේ ක්‍රියාවලිය හුදෙක් ශරීරයේ මරණයට වඩා ඉතා විශාල හා අද්යාත්මික දෙයක් ඇතුලත් බව ශුධවූ ලියවිල්ල තුලින් පැහැදිලි කරයි. යේසුස් වහන්සේ ගැන තවත් වැදගත් අනාවැකියක් වන (ගීතාවලිය 22) හි ආරම්භයේදී සොයාගත හැකිය. මෙය ව්‍යාකූලත්වයේ හෝ අවිනිශ්චිතතාවයේ කෑගැසීමක් වෙනුවට, යේසුස් වහන්සේ මෙහි පවසන දෙය සිදුවන්නේ කුමක්ද සහ එය එසේ සිදුවුනේ මන්ද යන්න පැහැදිලි කිරීමක් සදහන් කර ඇත. සන්දර්භයෙන් ඉවතට ගත් විට, පෙනෙන පරිදි, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලා සිටින බව පෙනේ, නමුත් දෙවියන් වහන්සේ තම පුත්‍රයාණන්ව අත්හරින්නේ මන්දැයි යේසුස් වහන්සේ හොදහැටි දන්නා කරුණකි. මක්නිසාද යත්, ලෝකයේ පාපයේ බර ජේසුස් වහන්සේගේ උරහිස් මත පැටවී ඇති නිසාත්, දෙවියන් වහන්සේට එය දැකීමට හෝ එය දරා සිටින උන් වහන්සේ සමඟ ඇසුරු කිරීමටත් නොහැකි බැවිනි. යේසුස් වහන්සේ පව්කාරයෙක් නොවන බව පැහැදිලි කරුණකි. නමුත්  යේසුස් වහන්සේ  තුළ අප දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපය නොදන්නා යේසුස් වහන්සේව පාපයක් බවට පත් කළේ අප මනුෂ්‍යයන් උදෙසාය" (2 කොරින්ති 5:21) එය සදහන් කර ඇත.


8. මනුෂ්‍යයන් වන අපට මායාවක් නැති අතර මනුෂ්‍යයන් කලකිරීමට පත්විය නොහැක.

දෙවියන් වහන්සේ යනු මායාවක් නොවන බව ඉහත කරුණු සලකා බලන විට එය මනාව පැහැදිලි වන කරුණකි. දෙවියන් වහන්සේ තුල සටින සහ දෙවියන් වහන්සේ සමග නිතරම  සම්බන්ධතාවය පවත්වන මනුෂ්‍යයා කලකිරීමකට පත් නොවනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ තුල සිටින මනුෂ්‍යයා හට බලා පොරොත්තුවක් ඇත. තවද දෙවියන් වහන්සේ තුල සිටින මනුෂ්‍යයා මාංශික දේ අත් හැර ආත්මික දේට නැබුරු වන්නේය. ආත්මික සුවය නිතරම රසවිදින්නේය. (රෝම 8:9) පදයෙහි මෙම කාරණාව සදහන් කර ඇත. ආත්මික ජිවිතයක් ගතකරන මනුෂ්‍යයා කලකිරීමකට පත් නොවන අතර ඔහු හෝ ඇය දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව සිටින්නේය. නමුත් ආත්මිකව නොසිටින මනුෂ්‍යය නොහොත් මාන්ෂා ආකාරයෙන් සිතන මනුෂ්‍යයා දෙවියන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරයි. එබැවින් මෙම ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය නිවැරිදි නොවන අතර එය එසේ වීමට හේතුවනම් දෙවියන් වහන්සේ නැතිව කලකිරීමකට පමණක් නොව විනාශය කරාද ලගාවෙනු ඇත.


අවසානය

අද සමාජයේ වෙසන මනුෂ්‍යයන් දකින දෘෂ්ඨිකෝණයන් මත දෙවි කෙනෙක් නැත යන්න ඔප්පු කිරීමට බොහෝ වෙහෙසක් දරති. තවද දෙවි කෙනෙක් ඇත යන්න සදහන් කරන තව බොහෝදෙනෙක් තමන් විසින්ම නිර්මාණය කරගත් දෙවිවරුන්ට නමස්කාරය කරති. අප කියන්නේ කවුරුන්ද, කොහෙන්ද අප ආවේ, පොළොවේ දකින සියල්ල කාගේ නිර්මාණයක්ද යන්න තර්ක විතර්ක සියල්ලටම දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට දුන් වචනයෙහි සදහන් කර ඇත. සෑම නිර්මාණයක් පසුපස නිර්මාණ කරුවෙක් සිටිති. එම නිර්මාණයේ වගකීම, අයිතිය, සම්පුර්ණයෙන්ම ඔහුට හිමුවනු ඇත. එබැවින් අප සිටින මුළු විශ්වයම සහ පොලොවටද නිර්මාණ කරුවෙක් සිටිති. ඒ සර්වපරාක්‍රම දෙවියන් වහන්සේය. නිර්මාණයට හිමිවන සියලු අයිතිවාසිකම් ලැබෙන්නේ එම නිර්මාණ කරුට බැවින්, විශ්වය , පොලොව සහ එහි ඇති සියල්ලෙහි අයිතිය හිමිවන්නේ දෙවියන් වහන්සේටය. එබැවින් මනුෂ්‍යයන් වන අපද උන්වහන්සේට යටත්ය. මක්නිසාද අපද උන්වහන්සේගේ මැවිල්ල වන බැවිනි. මනුෂ්‍යයාගේ තම කැමැත්ත කිරීමට සම්පුර්ණ නිදහස දෙවියන් වහන්සේ ලබා දී ඇත. සදාකාල ජීවනය ඇත්තේ දෙවියන් වහන්සේ තුල පමණයි.  එබැවින් මනුෂ්‍යයන් වන අප නිවැරිදි මාර්ගය තුල ගමන් කිරනවාද යන්න ඔහුගේ හෝ අයගේ තීරණයයි.


සටහන : දිල්ක සිරිවර්ධන 

No comments